වැඩි මිලට ගල් විකිණීමට හංගාගෙන හිටි අයෙක් බඩුත් එක්ක මාට්ටුයි

ගල්නෑව පොලිස් ස්ථානය මගින් අද (13) සවස සිදු කළ මෙහෙයුමක දී වෙසක් පොහොය සමයේ වැඩි මිලට අලෙවි කිරීමට සුදානම් කර තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් රජයේ අරක්කු නීතිවිරෝධීව අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙය වූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්නෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රොහාන් මුණසිංහ මහතාට ලද ඔත්තුවක් මත මෙම වැටලීම සිදු කෙරුණා.

වෙසක් පොහොය නිමිත්තෙන් සුරාසැල් වසා තැබීම මත එම දිනවල වන්දනාවේ පැමිණෙන පිරිස් ඇතුළු පිරිසට වැඩි මිලට අලෙවි කිරීමට මෙම මත්පැන් තොගය සූදානම් කර තිබූ බවයි හෙළි ව ඇත්තේ.

සැකකරු ගල්නෑව නගරය ආසන්නයේ ඇති වසා දැමූ පෙරපාසල් ගොඩනැගිල්ලක කාමරයක එම අරක්කු සඟවා තබා තිබියදී සොයා ගැනුණා.

සැකකරු මීට පෙර ද රජයේ අරක්කු නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගෙන අධිකරණයෙන් දඩ නියම ව සිටි අයෙක් බවත් හෙළි ව තිබෙනවා.

සැකකරු හා පොලිස් භාරයට ගැනුණු අරක්කු තොගය හෙට (14) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?