වැඩි මිලට ගල් විකිණීමට හංගාගෙන හිටි අයෙක් බඩුත් එක්ක මාට්ටුයි

ගල්නෑව පොලිස් ස්ථානය මගින් අද (13) සවස සිදු කළ මෙහෙයුමක දී වෙසක් පොහොය සමයේ වැඩි මිලට අලෙවි කිරීමට සුදානම් කර තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් රජයේ අරක්කු නීතිවිරෝධීව අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙය වූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්නෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රොහාන් මුණසිංහ මහතාට ලද ඔත්තුවක් මත මෙම වැටලීම සිදු කෙරුණා.

වෙසක් පොහොය නිමිත්තෙන් සුරාසැල් වසා තැබීම මත එම දිනවල වන්දනාවේ පැමිණෙන පිරිස් ඇතුළු පිරිසට වැඩි මිලට අලෙවි කිරීමට මෙම මත්පැන් තොගය සූදානම් කර තිබූ බවයි හෙළි ව ඇත්තේ.

සැකකරු ගල්නෑව නගරය ආසන්නයේ ඇති වසා දැමූ පෙරපාසල් ගොඩනැගිල්ලක කාමරයක එම අරක්කු සඟවා තබා තිබියදී සොයා ගැනුණා.

සැකකරු මීට පෙර ද රජයේ අරක්කු නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගෙන අධිකරණයෙන් දඩ නියම ව සිටි අයෙක් බවත් හෙළි ව තිබෙනවා.

සැකකරු හා පොලිස් භාරයට ගැනුණු අරක්කු තොගය හෙට (14) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30