AFC Banner
Empty Ad
Empty Ad

වැටෙන රුපියලට ගහන ක්‍රිප්ටෝ මුක්කුව

ඩිජිටල් බැංකුකරණය සහ බ්ලොක්චේන් තාක්ෂණය සමග ක්‍රිප්ටොකරන්සි ආශ්‍රිත සමාගම් වෙත ආයෝජන ආකර්ශනය කර ගැනීම පිණිස පැනවිය හැකි නීතිරීති පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ අතුරු වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත මේ වන විට ඉදිරිපත් කර තිබේ.

එහිදී විශේෂයෙන් කමිටුවට සහාය වීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ කටයුතු කරනු ලබන තවත් තාක්ෂණික වෘත්තිකයන් දෙදෙනෙකු සාමාජිකයින් වශයෙන් පත් කිරීමට සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී ඇත.අදාළ නීතිරීති පිළිබඳව සොයා බලා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අදාළ කමිටුව පත් කිරීම සඳහා 2021 ඔක්තෝබර් මස 05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙනු ලැබීය.

ඒ අනුව, සුජීව මුදලිගේ මහතාගේ සභාපතිත්වය යටතේ සාමාජිකයින් 8 දෙනෙකුගෙන් යුතු කමිටුවේ අවසන් වාර්තාව 2022 ජුනි මස 30 දින වන විට ඉදිරිපත් කිරීමටද එහිදී එකඟ වී තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?