spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාහන ආනයනය ලබන වසරේ සිට (වීඩියෝ)

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර ප්‍රදේශයේ දී ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ වාහන ආනයන සීමා ලබන වසරේ දී ක්‍රමානුකූලව ලිහිල් කිරීමට කටයුතු කරන බවයි.

“රජය තෝරගත්ත පිරිසකට වාහන ආනයනය කරන්න අවසර ලබාදෙන්නේ නැහැ. මෙතෙක් වාහන ආනයනය කිරීමට අවසර ලබාදීලා තියෙන්නේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණයි. ඒ කියන්නේ ආර්ථිකයට යම් කිසි දායකත්වයක් දැක්වීම සඳහා ආර්ථික ක්‍රියාවලියකට, වාණිජමය ක්‍රියාවලියකට යොමුවෙන අයට විතරයි මෙතෙක් වාහන ආනයනය අවකාශය දීලා තියෙන්නේ. වාහන ආනයනය සීමා කරන්න සිදු වුණේ අත්‍යවශ්‍ය ආහාර, තෙල්, ගෑස්, පොහොර, බෙහෙත් මේ වගේ අත්‍යවශ්‍ය දේවල් ආනයනය කිරීමට රජයට විදේශ විනියම නොමැති නිසා. අද සීමාවක් තියෙනවා නම් ආනයනය සම්බන්ධයෙන් මේ සීමාව තියෙන්නේ පෞද්ගලික භාවිතාව සඳහා ආනයනය කරන වාහන පමණයි. එතකොට ඒ සීමාවත් ඉදිරියේදී ලිහිල් වේවි. ලබන අවුරුද්ද වෙද්දි ඒක ලිහිල් වේවි. හැබැයි ඒක ලිහිල්වීමත් ක්‍රමාණුකූල සිදුවේවි. නැවත ආර්ථික අර්බුදයක් ඇති නොවන්න තමයි මේ සියලු කළමනාකරණයන් සිදුකරලා තියෙන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
2
+1
2
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?