වාහන ආනයනය ලබන වසරේ සිට (වීඩියෝ)

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර ප්‍රදේශයේ දී ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ වාහන ආනයන සීමා ලබන වසරේ දී ක්‍රමානුකූලව ලිහිල් කිරීමට කටයුතු කරන බවයි.

“රජය තෝරගත්ත පිරිසකට වාහන ආනයනය කරන්න අවසර ලබාදෙන්නේ නැහැ. මෙතෙක් වාහන ආනයනය කිරීමට අවසර ලබාදීලා තියෙන්නේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණයි. ඒ කියන්නේ ආර්ථිකයට යම් කිසි දායකත්වයක් දැක්වීම සඳහා ආර්ථික ක්‍රියාවලියකට, වාණිජමය ක්‍රියාවලියකට යොමුවෙන අයට විතරයි මෙතෙක් වාහන ආනයනය අවකාශය දීලා තියෙන්නේ. වාහන ආනයනය සීමා කරන්න සිදු වුණේ අත්‍යවශ්‍ය ආහාර, තෙල්, ගෑස්, පොහොර, බෙහෙත් මේ වගේ අත්‍යවශ්‍ය දේවල් ආනයනය කිරීමට රජයට විදේශ විනියම නොමැති නිසා. අද සීමාවක් තියෙනවා නම් ආනයනය සම්බන්ධයෙන් මේ සීමාව තියෙන්නේ පෞද්ගලික භාවිතාව සඳහා ආනයනය කරන වාහන පමණයි. එතකොට ඒ සීමාවත් ඉදිරියේදී ලිහිල් වේවි. ලබන අවුරුද්ද වෙද්දි ඒක ලිහිල් වේවි. හැබැයි ඒක ලිහිල්වීමත් ක්‍රමාණුකූල සිදුවේවි. නැවත ආර්ථික අර්බුදයක් ඇති නොවන්න තමයි මේ සියලු කළමනාකරණයන් සිදුකරලා තියෙන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57