AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් පවත්වා ගෙන ගිය කාන්තාවක් රක්ෂිත බන්ධනාගාරයට

ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගිය කාන්තාවක් මෙම මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත්වයා නියෝග කර තිබෙනවා.

ඉකුත් 11 වෙනිදා මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත.

ඩුබායි රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසමින් තමන්ගෙන් රුපියල් ලක්ෂ 03 ක් ලබා ගත් නමුත් එම රැකියාව මෙතෙක් ලැබී නැති බවට වන පැමිණිල්ලක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන්ට ලැබී ඇත.එම පැමිණිල්ල විමර්ශණය කර ඇති විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් අනුරාධපුරයේදී අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර කාන්තාව විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇති නමුත් ඒ සදහා ලියාපදිංචියක් ලබා ගෙන නොමැති බව වැටලීමේදී හෙලිවී ඇත.එමෙන්ම සැකකාරිය සතුව ඩුබායි හෝ වෙනත් රටවල් සදහා රැකියා ලබා දීමටට අවශ්‍ය ඇණවුම්ද ලබා ගෙන තිබී නැති බවද මෙහිදී හෙලිවී ඇත.

අනතුරුව සැකකාරිවය අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?