AFC Banner
AFC Banner
Empty Ad

වසර 138ක් පැරණි ටෙස්ට් වාර්තාවක සම තැන ගැනීමට ප්‍රභාත්ට අවස්ථාවක්

ටෙස්ට් කඩුලු 100ට වේගයෙන් ම ළඟා වූ පන්දු යවන්නාගේ වාර්තාව සම කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට අවස්ථාවක් උදා වී තිබෙනවා.

ඒ, සඳහා ප්‍රභාත් ජයසූරියට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු පහක් පමණයි.

නවසීලනතය සමඟ ගාල්ලේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ මේ වන විට ක්‍රියාත්මක නවසීලනත දෙවන ඉනිමේ ඉතිරිව ඇති අවසන් කඩුලු 05 ප්‍රභාත් විසින් දවාගතහොත් ඔහුට එම වාර්තාව සම කිරීමේ හැකියාව ලැබෙනවා.

ප්‍රභාත් ජයසූරිය මේ වන විට මෙම තරගය ද ඇතුළුව තරග 16ක් තුළ; ටෙස්ට් කඩුලු 95ක් බිඳ දමා තිබෙනවා.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් කඩුලු 100ට වේගයෙන් ම ළඟා වූ පන්දු යවන්නාගේ වාර්තාව එංගලන්තයේ ජෝර්ජ් ලොමන්ගේ නම ඉදිරියේ ලිය වී තිබෙනවා.

1896 වසරේ දී ඔහු මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ ටෙස්ට් තරග 16ක් තුළ දී කඩුලු 100ක් බිඳ දමමින්.

ඒ, අනුව ප්‍රභාත් ජයසූරියට මෙම අභියෝගය ජය ගැනීමට හැකියාව ලැබුනහොත් වසර 138ක් පැරණි පන්දු යැවීමේ ලෝක වාර්තාවේ සමතැන ගැනීමට හැකියාව ලැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
37
+1
1
+1
10
+1
6
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනය වටලයි
Video thumbnail
වීවලට සහතික මිලක් දෙනකොට උඹලට කන්න වෙන්නේ පිදුරු
01:41
Video thumbnail
යකෝ මිනිස්සුන්ට ලුණුයි බතුයි කන්න හරි - ලුණු තියෙන්න ඕනි
03:35
Video thumbnail
77වන නිදහස් දිනයේ සිරකරුවන්ට සතුටු පණිවිඩයක්
02:52
Video thumbnail
කඩවල් වල ලුණු හංගලා - හොයාගන්නත් නෑ - යකෝ මුන්ට රටේ ලුණු ටිකක් හදාගන්න බැයිද ?
06:17
Video thumbnail
ගාල්ල කොටුව තැපැල් කාර්යාලයට හදීසියේ නලින්ද ජයතිස්ස කඩාපනී
01:16
Video thumbnail
හාල් ප්‍රශ්නය නිට්ටාවටම සුව කරනවා - මහලොකු හාල් මොල් කාරයන්ගේ ගෑස් බස්සයි
05:46
Video thumbnail
බලශක්ති ඇමති හදීසියේ ගුවන් තොටුපලට කඩා පනී
02:58
Video thumbnail
හෙට කොළඹට ඇතුළ් වන අයට විශේෂ නිවේදනයක්
01:23
Video thumbnail
මාලිමාවේ වහල්ලු සතුටු කරන්න වැඩ කරන්න එපා
08:26

?