වසර තුනකට වැඩි කලක් කෝමා තත්ත්වයේ සිටි තායිලන්තයේ බජ්‍රකිටියාබා කුමරිය මියයයි

වසර තුනකට වැඩි කාලයක් කෝමා තත්ත්වයේ පසුවූ තායිලන්තයේ බජ්‍රකිටියාබා කුමරිය මිය ගිය බව එරට රජ මාලිගය නිවේදය කරනවා.

මියයන විට ඇය 47 වන වියේ පසුවුණා.

බජ්‍රකිටියාබා කුමරි 2022 දෙසැම්බර් මාසයේ දී එරට සංචාරයක යෙදී සිටිය දී ඇතිවූ රෝගී තත්ත්වයකින් පසුව කෝමා තත්ත්වයේ පසු වුණා.

ඇය වජිරලොන්කෝන් රජුගේ දරුවන් හත්දෙනාගෙන් වැඩිමලා වූ අතර, 1978 දෙසැම්බර් 07 වන දින ඔහුගේ පළමු බිරිඳ සහ ඥාති සහෝදරිය වන සෝම්සවාලි කුමරියට දාව උපත ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted