වවුනියාව දිස්ත්‍රික්කයේ ජනතාව භූමිතෙල් ලබා ගැනීමට දිගු පෝලිම්වල

මාස හයකට පසුව වවුනියාව දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම් හල් තුළින් භූමිතෙල් බෙදා හැරීම අද(28) ආරම්භ කෙරිණ.

ඉන්ධන පිරවුම්හල් සේවකයින් පැවසූවේ එක් අයෙකුට රුපියල් 2000 ක මුදලකට භූමිතෙල් බෙදාදීම සිදුකරන බවයි. පැවති ඉන්ධන අර්බුදය හේතුවෙන් භූමිතෙල් බෙදාහැරීම නවතා තිබු අතර, භූමිතෙල් හිඟය හේතුවෙන් ගොවි ජනතාව වගා ඉඩම්වල භූමිතෙල් ජල පොම්ප ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිව මහත් අපහසුතාවයට පත්ව සිටියහ.

භූමිතෙල් ලබා ගැනීමට අද(28) උදැසන වවුනියාව නගරයේ ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලීම් දැක ගැනීමට හැකි වූහ.

https://youtu.be/xNXeoTh-p-s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?