AFC Banner
Empty Ad
Empty Ad

වලස්මුල්ලටම බෙදන්න ලෑස්ති කරපු ගංජා තොගයක් STF භාරයට

වලස්මුල්ල ප්‍රදේශයේ බෙදා හැරීමට සූදානම් කර තිබූ වියළි ගංජා තොගයක් සමග පුද්ගලයකු පොලිස් වි‍ශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී ගංජා කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 440 ක්,අදාළ පුද්ගලයාගේ නිවස පිටුපස වලදමා සගවා තිබියදී සොයා ගැනීමටයි හැකිවී ඇත්තේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව ඊයේ (23) දින වලස්මුල්ල පොලිස් වසමේ ඔව්ලාන ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර තිබුණා.

එම අවස්ථාවේදී විජේසිරිපුර, වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධ වැඩිදුර විමර්ශණ කටයුතු වලස්මුල්ල පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?