වන අලි දෙදෙනක් එලොව යැවූ බයියා අත්අඩංගුවට

රඹෑව, අංක 90 පිලිනිගම ග්‍රාම නිලධාරී වසමේ අලුත්ගම ගම්මානයේදී අනවසර විදුලි රැහැනකට වැදී වන අලි දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

එම වන අලි දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (27) දහවල් පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය නිලධාරිනී මදුවන්ති විසින් සිදු කරනු ලැබුවා.

මේ අතර මෙම අලි දෙදෙනාට විදුලිසැර වැද්දූ ඉඩමේ හිමිකරු වූ බයියාගේ ගුණදාස යන අය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (27) හවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු හෙට (28) දින මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.