AFC Banner
Empty Ad
Empty Ad

වනිඳුට දඬුවම් – බංග්ලාදේශය සමඟ තරග දෙකකුත් අහිමි වෙයි

පසුගිය දා නිමා වූ ඇෆ්ගනිස්ථාන සමඟ අවසන් විස්සයි විස්ස තරගයේ දී පිටියේ විනිසුරුවරයා සමඟ මතභේදාත්මක සිදුවීමට මැදි වූ ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංගට දඬුවම් පැනවීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

තරගයෙන් පසුව විනය විරෝධීව හැසිරීම සම්බන්ධයෙන් ඔහුට තරග 02ක තහනමක් සහ තරග මුදලින් සියයට 50ක දඩයක් පනවා ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම දඬුවමත් සමඟ ඔහුට එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයේ පළමු විස්සයි විස්ස තරග දෙක අහිමිව යනවා.

මේ අතර ඉහත දඬුවම්වලට අමතරව ඔහුට දඩුවම් ලකුණු ද එකතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇති බව සඳහන්.

ඇෆ්ගනිස්ථාන සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරගයේ දී නිපන්දුවක් සම්බන්ධයෙන් ලින්ඩන් හැනිබල් විනිසුරුවරයා සමඟ ඇතිකරගත් මතභේදාත්මක තත්ත්වය සහ මාධ්‍ය හමුවේ දී විනිසුරු තීරණ විවේචන කිරීම යන කරුණු වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වනිඳුට මෙලෙස දඬුවම් පනවා තිබෙනවා.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලින්ඩන් හැනිබල් විනිසුරුවරයා එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් බ්රෝඩ් වෙත පැමිණිලි කිරීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
12
+1
12
+1
2
+1
14
+1
8
+1
36
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?