වට්ස්ඇප් ගිණුම් වලින් ශ්‍රී ලාංකිකයින් 702 දෙදෙනෙකු භයානක තොරතුරු එළියට

අයිඑස් සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකිකයින් 702 දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇතැයි ත්‍රස්ත විමර්ශණ ඒකකය අද අධිකරණයට දන්වනු ලැබුවා.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයිඑස් සංවිධානයේ සාමාජිකයෙකු සතුව තිබූ ජංගම දුරකතනයක අන්තර්ගතව තිබූ තොරතුරු අනුව එම ශ්‍රී ලාංකිකයින් පිළිබදව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ත්‍රස්ත විමර්ශණ ඒකකය අධිකරණයට දැනුම්දුන්නේ.

අත්අඩංගුවට ගැණුනු අදාළ පුද්ගලයාගේ ජංගම දුරකතනයේ වට්ස්ඇප් ගිණුම් පරීක්ෂා කිරීමේදී මෙම තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මේ අතර බැට්මෑන් චිත්‍රපටයේ එන ජෝකර් ගේ චරිත්‍රයට සමාන අයුරින් සැරසුණු 24 හැවිරිදි පුද්ගලයෙකු විසින් ජපානයේ ටෝකියෝ අගනුවර දුම්රියක් තුලදී සිදුකරනු ලැබූ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Halloween උත්සවය සැමරීමේ සාදයකට යමින් සිටි පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. ප්‍රහාරය එල්ල කරනු ලැබූ තැනැත්තා දුම්රිය ස්ථානය තුලදීම අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන්ට මරණ දඬුවම ලබා ගැනීමට අවශ්‍ය නිසා මෙම ප්‍රහාරය දියත් කළ බවයි.

ප්‍රහාරය එල්ල කරනු ලැබූ තැනැත්තා ඒ සඳහා තියුණු ආයුධයක් මෙන්ම ගිනි ගන්නා සුළු ද්‍රව වර්ගයක් ද යොදා ගෙන තිබු බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

ප්‍රහාරකයා විසින් දුම්රියේ ගමන් කරමින් සිටි පුද්ගලයින්ට තියුණු ආයුධයෙන් පහර දීමෙන් අනතුරුව ගිනි ගන්නා ද්‍රව වර්ගයක් ඔවුන් මතට ඉස ගිනි තැබීමට උත්සාහ කළ බවටද වාර්තා වනවා.

ප්‍රහාරය එල්ල වෙමින් තිබු අතර වාරයේදී දුම්රිය ස්ථානයක් වෙතට දුම්රිය ලඟා වීමත් සමග එහි සිටි මගීන් දුම්රියේ ජනේල වලින් පැන දිවි බේරා ගැනීමට දිවගොස් තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16