වගා ළිඳෙන් හමුවූ තරුණියගේ මරණය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සීප්පුකුලම ප්‍රදේශයේ වගා ළිඳක තිබී සොයා ගැණුනු තරුණියගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඇයගේ ඥාතීන් පවසනවා.

මෙලෙස මියගොස් තිබුණේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 23ක පමණ ආබාධිත තරුණියක්.

ඇයගේ පියා සහ අසල්වැසියෙකු අතර පසුගිය 14 වනදා ගැටුමක් සිදුවි ඇති අතර එහිදී තුවාල ලැබූ පියා අනුරාධපුර රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන්.

සහෝදර සහෝදරියන් 4 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් සහෝදරිය වන මෙම තරුණිය කිසියම් ආබාධිත තත්ත්වයකින් පෙළෙන අතර ඔවුන් නිවසේ සිටියදී මව ඊයේ දහවල් රෝහල් ගතව සිටින සැමියා බැලීම සඳහා ගොස් තිබෙනවා.

මියගිය තරුණියගේ නැගණිය ගවයින් බැලීම සඳහා අසල පිහිටි කුඹුරු යායට ගොස් නැවත පැමිණීමේදී වැඩිමහල් සහෝදරිය නිවසේ නොමැති බවට දැනගෙන තිබෙනවා.

පසුව අසල්වැසියන්ට දැනුම්දී අවට සිදු කළ පරීක්ෂා කිරීමේදීයි ඇය වගා ළිඳට වැටී ඇති බවට දැනගෙන ඇත්තේ.

ඇයගේ මරණය සැක සහිත බවට මව්පියන් සහ ඥාතීන් විසින් පොලිසියට කළ දැනුම්දීමකට අනුව මිහින්තලේ පොලිසිය විසින් විමර්ශණ ආර්මභ කර තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමුකර ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?