වගා හානිවලට වන්දි ගෙවීමට මිලියන 4000ත් 5000ත් අතර මුදලක් – කෘෂි ඇමති

නියඟයෙන් සහ ගංවතුරෙන් හානි වූ වගා බිම් සඳහා ගොවි ජනතාවට වන්දි ලබාදීම වෙනුවෙන්වන ගණනය කිරීම් සිදුකර ඒ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවට අත්සන් තැබූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

සතියක් හෝ දෙකක් ඇතුළත ඒ සම්බන්ධයෙන් තීරණයක් ලැබෙනු ඇති බවත්, මුදල් අමාත්‍යාංශය මඟින් රටේ මුදල් තත්ත්වය ද සැලකිල්ලට ගෙන සුදුසු වන්දියක් තීරණය කරනු ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) දින මල්වතු, අස්ගිරි නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වගාහානි වෙනුවෙන් ඉතිහාසයේ ගෙවීමට සිදුවන වැඩිම වන්දි මුදල මෙවර ගෙවීමට සිදු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කර අතර, ඒ සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 4000ත් 5000ත් අතර මුදලක් වැය වෙතැයි තමා අපේක්ෂා කරන බව ද පවසා සිටියා.

මේ අතර කෘෂි කර්මාන්තය නඟාසිටුවීම උදෙසා නවීන තාක්ෂණය උපයෝගී කරගතහොත් මේ වන විට ගොවිතැනින් ඈත්ව සිටින තරුණ පරපුර පවා ඊට ආකර්ෂණය කරගත හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලුණුගම්වෙහෙර බිහිසුණු බස් අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
00:55
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
59:44
Video thumbnail
බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුර - 15 පමණ රෝහලේ
00:23
Video thumbnail
මරික්කාර් නිලධාරින්ගෙන් එකින් එක ප්‍රශ්න කරයි - වැරදි බිස්නස් Model එකක්නේ..මේක වැරදියි
12:36
Video thumbnail
සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මාධ්‍ය නිදහස නැතිකරන්න යන්නේ..රාජ්‍ය පාලනයට ගන්න යන කෙටුම්පතක්..
07:13
Video thumbnail
ලුණුගම්වෙහෙරේ බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුරක් - 15 දෙනෙක් පමණ තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක්
01:14
Video thumbnail
"අම්මේ නැගිටින්න"..දරුවෝ එන හැටි..කෝ මෙයාලගේ හෙල්මට් ?
01:42
Video thumbnail
ගලේ දේවාලේ පිළිම හොරකම් කරද්දි අතටම මාට්ටු
00:40
Video thumbnail
මිහින්තලේ හිමි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ - මිහින්තලේ පෙරහැර නිසා ලොකු කළබලයක්
05:25