spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වගා හානිවලට වන්දි ගෙවීමට මිලියන 4000ත් 5000ත් අතර මුදලක් – කෘෂි ඇමති

නියඟයෙන් සහ ගංවතුරෙන් හානි වූ වගා බිම් සඳහා ගොවි ජනතාවට වන්දි ලබාදීම වෙනුවෙන්වන ගණනය කිරීම් සිදුකර ඒ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවට අත්සන් තැබූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

සතියක් හෝ දෙකක් ඇතුළත ඒ සම්බන්ධයෙන් තීරණයක් ලැබෙනු ඇති බවත්, මුදල් අමාත්‍යාංශය මඟින් රටේ මුදල් තත්ත්වය ද සැලකිල්ලට ගෙන සුදුසු වන්දියක් තීරණය කරනු ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) දින මල්වතු, අස්ගිරි නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වගාහානි වෙනුවෙන් ඉතිහාසයේ ගෙවීමට සිදුවන වැඩිම වන්දි මුදල මෙවර ගෙවීමට සිදු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කර අතර, ඒ සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 4000ත් 5000ත් අතර මුදලක් වැය වෙතැයි තමා අපේක්ෂා කරන බව ද පවසා සිටියා.

මේ අතර කෘෂි කර්මාන්තය නඟාසිටුවීම උදෙසා නවීන තාක්ෂණය උපයෝගී කරගතහොත් මේ වන විට ගොවිතැනින් ඈත්ව සිටින තරුණ පරපුර පවා ඊට ආකර්ෂණය කරගත හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?