ලෝඩ්ස් ටෙස්ට් තරගයේ වැඩි ගෞරව එංගලන්තයට – ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී අසාර්ථකයි

ශ්‍රී ලංකාව සමඟ ලෝඩ්ස් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන්වන විට වැඩි ගෞරව අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටියා.

තරගය දෙවන දිනට අවසන්වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් රැස්කරගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 256ක් ඉදිරියෙන් පසුවෙමින්.

එංගලන්ත දෙවන ඉනිම වෙනුවෙන් බෙන් ඩකට් නොදැවී ලකුණු 15ක් සහ නායක ඔලී පොප් ලකුණු 02ක් රැස්කරගෙන කඩුල්ලේ රැඳී සිටියා.

තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 196ක් රැස්කළේ එංගලන්තය පළමු ඉනිමට රැස්කළ ලකුණු 427ට පිළිතුරු වශයෙන්.

එහිදී ශ්‍රී ලංකා ඉනිම ගොඩගැනීමට හුදෙකලා සටනක නිරත වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 74ක් රැස්කළ අතර, අනෙක් කිසිඳු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට ලකුණු 25 සීමාවට ළඟා වීමට අවස්ථාව හිමිවුයේ නැහැ.

ඒ, අනුව එංගලන්තය සිය දෙවන ඉනිම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 231ක් ඉදිරියෙන් සිටිමින් ආරම්භ කළා.

තරගයේ තුන්වන දිනය අදයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46