spot_imgspot_img

ලෝටස් පාරේදී බස් රථයක ගැටී කාන්තාවක් මියයයි

කොළඹ කොටුව ලෝටස් පාර අසලදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පිටකොටුව දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

බරපතළ තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් තිබෙනවා.

මෙම කාන්තාව කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට කොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?