ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.

“ආදරෙන් සුරකින්න අපිට ලොව දිනන්නට” තේමාව යටතේ මෙවර ලෝක ළමාදිනය සමරනු ලබනවා.

එමෙන්ම මෙවර ලෝක වැඩිහිටි දිනය ද අද සමරනු ලබන්නේ “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු” යන තේමාව යටතේයි.

මෙවර ලෝක ළමා දිනයට සමගාමීව දිවයින පුරා පාසල්වල අද දිනයේ විවිධ උත්සව සහ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබෙනවා.

මේ අතර ලෝක ළමා දිනය යෙදී තිබෙන අද දිනයේ දී වයස අවුරුදු 12ට අඩු දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අවසර ලබා දී ඇති බව වාර්තා වනවා.

ලෝක ළමා දිනයට සමගාමීව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන වැඩසටහන් පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ මේ බව සඳහන් කළා.

මේ අතර ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 වනදා සිට ජාතික ළමා දින සතියක් ක්‍රියාත්මක වූ අතර, වැඩිහිටි දිනය වෙනුවෙන් අද (01) දිනයේ සිට ලබන 07 වනදා දක්වා සැමරුම් සතියක් ක්‍රියාත්මක කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54