ලෝක රේගු සංවිධානයේ නියෝජිතයින් සහ ජනාධිපති ලේකම් අතර හමුවක්

ලෝක රේගු සංවිධානයේ දූෂණ විරෝධී සහ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන මෙහෙයවන ඇන්ඩ්‍රියා හැම්ප්ටන්ගේ ප්‍රධානත්වයෙන් යුත් එම සංවිධානයේ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමේ තාක්ෂණික උප කමිටුවේ තිදෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් පසුගිය (02) දා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමුවුණා.

ශ්‍රී ලංකා රේගුව සමඟ දූත මණ්ඩල සංචාරයක නිරත මෙම නියෝජිත පිරිස, රාජ්‍ය අංශය තුළ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීම, යහපාලනය ශක්තිමත් කිරීම සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති කාර්යාලය විසින් මෙහෙයවන ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති ලේකම් සමඟ සාකච්ඡා කළා.

නියෝජිත පිරිස අමතමින් ආචාර්ය කුමානායක, දූෂණය පිටු දැකීම සඳහා රජය විසින් ලබා දී ඇති ඉහළම ප්‍රමුඛතාවයට අනුකූලව, සදාචාරාත්මක, වගවීමකින් යුත් සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකක විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය අවධාරණය කළා.

මේ වෙනුවෙන් කැපවූ අංශයක් ජනාධිපති කාර්යාලය තුළ ස්ථාපිත කර ඇති බවත්, එමඟින් අභ්‍යන්තර කටයුතු ඒකක ස්ථාපනය කිරීම, නිලධාරීන්ගේ ධාරිතාව ගොඩනැගීම සහ එම ඒකකවල මෙහෙයුම් විධිමත් කිරීම සහ පහසුකරලීම සඳහා මාර්ගගත පද්ධතියක් හඳුන්වා දීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.

ආයතන තුළ සහ රාජ්‍ය නිලධාරීන් අතර දූෂණයෙන් තොර සංස්කෘතියක් ආයතන ගත කිරීම සඳහා රාජ්‍ය අංශය පුරා අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම සඳහා ජනාධිපති කාර්යාලය විසින් මෙහෙයවන මුලපිරීම් පිළිබඳ පුළුල් හැදින්වීමක් ලෝක රේගු සංවිධානයේ නියෝජිතයින් වෙත ලබා දෙනු ලැබුවා.

අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමේ අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති කාර්යාලය විසින් ගෙන ඇති මුලපිරීම් ලෝක රේගු සංවිධාන නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී හැම්ප්ටන්ගේ පැසසුමට ලක් වුණා.

අභ්‍යන්තර කටයුතු ඒකක මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතිය මගින් ශ්‍රී ලංකා රේගුවට එහි අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයන් සහ දූෂණ විරෝධී හැකියාවන් ශක්තිමත් කිරීමට වටිනා අවස්ථාවක් ලබා දෙන බව ඇය සඳහන් කළා.

මාර්ගගත පද්ධතිය මගින් ජනනය කරන දත්ත, රේගු පරිපාලනය තුළ දූෂණ අවදානම් සහ සුපිළිපන්භාවයට ඇති අවදානම් හඳුනා ගැනීමට සහ අවම කිරීමට සහාය වන ආකාරය සහ එමඟින් වඩාත් ඵලදායී රේගු මෙහෙයුම් සඳහා දායක වන ආකාරය ද ඇය ඉස්මතු කරනු ලැබුවා.

රාජ්‍ය ආයතනවල විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් කාර්යක්ෂම භාවිතයන් පිළිබඳ අදහස් හුවමාරුවක් මෙම සාකච්ඡාවට ඇතුළත් වුණා.

හැම්ප්ටන් මහත්මිය සමඟ ලෝක රේගු සංවිධානයේ පැස්කල් තෝමස් සහ බූඩ්විජන් ග්‍රෝන්වෙල්ඩ් ද ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ සමඟ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් වන චානකි එච්. රණතුංග, ධනුෂ්ක පෙරේරා සහ ටී එන් අමෝන් ද මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44