ලෝක කුසලාන පරාජය දරාගත නොහැකි වූ තරුණයා ජීවිතයෙන් වන්දි ගෙවයි

ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දීය පිලේ පරාජය දරාගත නොහැකිව පුද්ගලයෙක් සියදිවි නසාගත් පුවතක් ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් වාර්තා වනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 23 හැවිරිදි තරුණයෙක් බවයි ඉන්දීය මාධ්‍ය අද වාර්තාකර තිබුණේ.

මෙම තරුණයා ඊයේ (20) රාත්‍රියේ 11ට පමණ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති අතර, ඔහු ඉන්දීය පිළේ දැඩි ආධාරකරුවෙකු බවයි වාර්තා වන්නේ.

පසුගිය ඉරිදා අහමදාබාද් හි පැවති එක්දින ලෝක කුසලාන අවසන් තරගයේ දී ඉන්දියාව පරදා කඩුලු 06ක ජයක් ඕස්ට්‍රේලියාව හිමිකරගත් අතර, මෙම තරුණයා එදින රාජකාරී ද මඟ හැර නිවසේ සිට තරගය නරඹා ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය සඳහන් කරන්නේ මෙය කිසිදු අපරාධ කෝණයක් ඔස්සේ සැක නොකරන බවයි.

කෙසේ වෙතත් මෙම තරුණයා කිසියම් මානසික සෞඛ්‍ය ගැටලුවක් සමඟ පොරබදමින් සිටියේ ද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව පොලීසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54