spot_imgspot_img

ලෝක කුසලාන පරාජය දරාගත නොහැකි වූ තරුණයා ජීවිතයෙන් වන්දි ගෙවයි

ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දීය පිලේ පරාජය දරාගත නොහැකිව පුද්ගලයෙක් සියදිවි නසාගත් පුවතක් ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් වාර්තා වනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 23 හැවිරිදි තරුණයෙක් බවයි ඉන්දීය මාධ්‍ය අද වාර්තාකර තිබුණේ.

මෙම තරුණයා ඊයේ (20) රාත්‍රියේ 11ට පමණ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති අතර, ඔහු ඉන්දීය පිළේ දැඩි ආධාරකරුවෙකු බවයි වාර්තා වන්නේ.

පසුගිය ඉරිදා අහමදාබාද් හි පැවති එක්දින ලෝක කුසලාන අවසන් තරගයේ දී ඉන්දියාව පරදා කඩුලු 06ක ජයක් ඕස්ට්‍රේලියාව හිමිකරගත් අතර, මෙම තරුණයා එදින රාජකාරී ද මඟ හැර නිවසේ සිට තරගය නරඹා ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය සඳහන් කරන්නේ මෙය කිසිදු අපරාධ කෝණයක් ඔස්සේ සැක නොකරන බවයි.

කෙසේ වෙතත් මෙම තරුණයා කිසියම් මානසික සෞඛ්‍ය ගැටලුවක් සමඟ පොරබදමින් සිටියේ ද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව පොලීසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
3
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?