ලිවින් ටුගෙදර් ක‍්‍රමයට පවුල් කමින් රූමත් ඇඟලුම් රූමත් ඇඟලුම් සේවිකාව මුදලට විකුණලා

සැකකාර තරුණයා සහ පාසල් සිසුහු දෙදෙනා අත්අඩංගුවට

රූමත් 17 හැවිරිදි තරුණියක සමග ලිවින්ටුගෙදර් ක‍්‍රමයට පවුල් කමින් ඇයව තවත් පුද්ගලයන්ට රුපියල් 3500 වැනි මුදලකට විකුණමින් මුදල් ඉපයූ තරුණයකු සහ කීප අවස්ථාවක ඇයව ඒ අන්දමින් මිලදීගත් පාසල් සිසුන් දෙදෙනකුද සැකපිට අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල, ඒකල ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියතුව සිටි 22 හැවිරිදි තරුණයකු සහ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ 19 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.

සිද්ධියට මුහුණ පා ඇත්තේ පිය සෙනෙහස අහිමිවූ කඩයප්පන් විකුණා රැකුණ මවකගේ රැකවරණය යටතේ සිටි 17 හැවිරිදි ඇඟලූම් සේවිකාවක් බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ 17 හැවිරිදි තරුණිය ඇඟලූම් කම්හලක සේවය කරමින් සිටියදී 22 හැවිරිදි ප‍්‍රධාන සැකකරු සමග පෙමින් වෙළී ඇති අතර පසුව ඇය තම පෙම්වතා සමග ඒකල කුලී නිවසක සිට එකට පවුල් කෑමට පටන් ගෙන ඇති බව වැඩිදුර පරීක්ෂණ කටයුතුවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ඇය විසින් පොලිසියට ලබාදී ඇති කටඋත්තරයේ සඳහන් වන පරිදි, ටික කලකින් පසු තමාගේ පෙම්වතාගේ බලකිරීම මත ඇයට වෙනත් පුද්ගලයන් සමගද ලිංගිකව හැසිරීමට සිදුව ඇත. තම සැමියා විසින් තමා එක් එක් ස්ථානවලට රැුගෙන යන අතර යතුරුපැදිවලින් පැමිණෙන විවිධ පුද්ගලයන් තමන්ව රැුගෙන යන බවද ඇය සඳහන් කර ඇත. මෙසේ කාලය ගෙවී යද්දී තමා ගැබ්ගෙන ඇති බව වැටහීමෙන් අනතුරුව පෙම්වතා විසින් ඇයව හැකි ඉක්මනින් කසාද බඳිනවා යැයි පවසා ඇගේ මවට භාරදී ඇත.

මසක කාලයක් තුළ එක්දිනක් වත් තම පෙම්වතා තමා බැලීමට නොපැමිණි නිසා තමාට ඔහු සොයා යෑමට සිදුවූ අතර එහිදී ලද තොරතුරු මත ඔහු දරුවෙකුද ඇති විවාහකයෙකු බව දැන ගැනීමට ලැබුණ නිසාත්, ඔහු සිටින තැනක් සොයා ගැනීමට බැරිවූ නිසාත්, තමාට සිදුවී ඇති අසාධාරණයට පිහිට පතා තමා ජාඇල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?