ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවකගේ දැඩි ප්‍රහාරයට ලක් වූ Angela Carini අතටවත් අත නොදී වේදිකාවෙන් බසියි

මෙවර ඔලිම්පික් තරගාවලියේ සයවෙනි දිනය අවසාන වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට නැවතත් චීනය සමත් ව සිටිනවා.

ඒ රන් පදක්කම් 11ක් සිය ලැයිස්තුවට එකතු කරගනිමින්.

මේ අතර ඊයේ පැවති කාන්තා බොක්සිං තරගය සම්බන්ධයෙන් ද මේ වනවිට ලෝකයේ මෙන් ම සමාජ මාධ්‍යවල ද දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.

ඔලිම්පික් තරගාවලියේ ජපානය පදක්කම් සටහනේ ස්ථාන කිහිපයක් පහතට ඇද වැටී තිබෙනවා.

ඒ ප්‍රබල චීනය රන් පදක්කම් 11ක් දිනා ගනිමින් පළමු තැනට පත් වීමත් සමගින්.

දෙවැනි තැන හිමි ව ඇත්තේ රන් පදක්කම් 09ක් දිනාගත් අමෙරිකාවටයි.

රන් පදක්කම් 08ක් දිනා ගත් සත්කාරක ප්‍රංශය තුන් වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා.

මේ අතර ඊයේ පැවති බොක්සිං තරගයක සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වනවිට ලෝකයේ මෙන් ම සමාජ මාධ්‍ය ජාලාවල ද දැඩි කතාබහක් නිර්මාණය කර තිබෙනවා.

ඒ කාන්තා බොක්සිං තරග ඉසව්වකට ලිංගික සංක්‍රාන්තික පුද්ගලයෙක් තරග වැදීම හේතුවෙන්.

ඉතාලියේ Angela Carini හා ඇල්ජීරියාවේ Imane Khelif යන ක්‍රීඩිකාවන් දෙපොළ අතර මෙම තරගය පැවැත්වුණා.

එහිදී එම තරගය ඉතාලි ක්‍රීඩිකාව පරාජයට පත් වූ අතර; ඇය තරගයේ පළමු අර්ධයේ තත්ත්පර 46ක් අවසානයේ දී සිය හිස් වැසුම ගලවා ඉවත් කරන ආකාරයයි දක්නට ලැබුණේ.

ඒ සිය ප්‍රතිවාදියා වූ ලිංගික සංක්‍රාන්තික තැනැත්තිය වන ඉමේන්ගේ දැඩි ප්‍රහාරයන් ඇයට දරාගත නොහැකි වීම නිසාවෙන්.

ඉතාලි ක්‍රීඩිකාව සිය වේදනාව පවසා ඇත්තේ මෙසේයි;

“I’m used to suffering,” Carini said afterward. “I’ve never taken a punch like that, it’s impossible to continue. I’m nobody to say it’s illegal.

“I got into the ring to fight. But I didn’t feel like it anymore after the first minute. I started to feel a strong pain in my nose. I didn’t give up, but a punch hurt too much and so I said enough. I’m leaving with my head held high.” යනුවෙන්.

ඉතාලි ක්‍රීඩිකා ඇන්ජෙලා තරගය අවසානයේ අවම වශයෙන් සිය ප්‍රතිවාදියාට අතට අත දීමටවත් කටයුතු කරන්නේ නැහැ.

ඇය පවසා ඇත්තේ; එවැනි දරදඬු ප්‍රහාරයන්වලට කිසිදිනෙක මීට පෙර මුහුණ දී නොමැති බවත්; තරගයේ විනිශ්චය ඔලිම්පික් විනිසුරු මඬුල්ලට භාර කරන බවයි.

ඇල්ජීරියාවේ ඉමේන් කෙලීෆ් මීට පෙර ඇයගේ ශරීරයේ ටෙස්ටෙස්ටරෝන් මට්ටම පැවතිය යුතු මට්ටමට වඩා ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ලෝක බොක්සිං ශූරතාවලියෙන් ද ඉවත් කිරීමට කටයුතු කෙරුණා.

නමුත් පසුව ඇයට ක්‍රීඩා කිරීමට ඔලිම්පික් කමිටුවේ අනුමැතිය හිමිවීමෙන් පසුවයි මෙවර ඔලිම්පික් තරගාවලියට ඉමේන් එක්ව සිටින්නේ.

සරලව ම කිවහොත් ඉමේන්ගේ ශරීරයේ දේහ ලක්ෂණ සැකසී ඇත්තේ ජීව විද්‍යාත්මක ව පිරිමි දේහ ලක්ෂණවලින් වන අතර; තවත් කාන්තාවකට එවැනි දේහ ශක්ති මට්ටමක් ඇති කෙනෙකු සමග ගැටීම අතිශය අසීරු වන්නක්.

තරගය අවසානයේ දී දැඩි ප්‍රහාරයන්ට ලක් වූ ඉතාලි ක්‍රීඩිකා ඇන්ජෙලා හඬා වැටෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර; ඉතාලි අගමැතිනිය ද මේ සම්බන්ධයෙන් සටහනක් තබා පවසා ඇත්තේ ඉදිරියේ දී මෙම ලිංග භේද ප්‍රශ්නය නම් ඉහළින් ම කතාබහ කෙරෙන මාතෘකාවක් වනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32