පාරිභෝගිකයාට ගෑස් ලබාදිය හැකි සහනදායී මිල කුමක් ද යන්න ලාෆ්ස් ගෑස් සමාගම විසින් අද (17) පස්වරුවේ දැනුම්දෙන බවට එම සමාගම පැවසූ බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපතිවරයා සහ උසස් නිලධාරීන් පිරිසක් සහ අමාත්‍යවරයා අතර අද (17) වෙළඳ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අවම රුපියල් දහසකින් හෝ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට කටයුතු කරන ලෙස එම සමාගමේ නිලධාරීන්ට දැනුම් දුන් බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ඒ, අනුව සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සාකච්ඡාවකින් අනතුරව මිල අඩුකරන ප්‍රමාණය අද (17) පැවරුවේ දැනුම්දීම කටයුතු කරන බව අදාළ නිලධාරීන් එකඟ වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
