සෞදි අරාබියේ සිටින වෙසෙන ශ්‍රී ලාංකිකයෙක්ට මරණ දඬුවම ලබා දීමට නියමිත බවට වාර්තා වන සිද්ධිය සම්බන්ධයෙන් සමීප අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.
පලකළ ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් මෙලෙස දඩුවටම ලක්ව ඇත්තේ අනුජන් සිවරාසා නම් ශ්‍රී ලාංකික පුරවැසියෙක්.
සෞදි අරාබියේ අල්-අහ්සා (Al-Ahsa) අපරාධ අධිකරණය මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට වසර 5ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබුණා.
කෙසේ වෙතත් පසුව, එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස මරණ දඬුවම නියම වී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සහ කොළඹ පිහිටි සෞදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව, මෙම සිද්ධියට අදාළ වර්ධනයන් පිළිබඳව අමාත්‍යාංශය දිගින් දිගටම සොයා බලමින් සිටින බවයි.
අමාත්‍යාංශය රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අදාළ සෞදි බලධාරීන් සමඟ සම්බන්ධ වී කටයුතු කරන අතර, අනුජන් සිවරාසාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ ඔහුට හැකි සෑම සහයක්ම ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද නිවේදනයේ සඳහන්.













