ලබන මස 10 වැනිදා සිට ෂෙල් සමාගම මෙරට මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පවසනවා.
‘ස්ථාවර රටකට සැවොම එඟ මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙරට බලශක්තිය නියාමනය උදෙසා ස්වාධීන ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන්ද කටයුතු කරමින් පවතින බවයි.
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය ඇමති ඩී.වී. චානක,
“මේ වන විට අඛණ්ඩ බලශක්ති සැපයුමක් වෙනුවෙන් අවශ්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීමට අප සමත්ව තිබෙනවා. ඉන්ධන පෝලිම් යුගය අවසන් කර තිබෙනවා. ගුණාත්මක භාවයෙන් ඉහල ඉන්ධන ලබාදීමට අප අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන සමත්ව සිටිනවා.
ඒ, වගේම බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ආනයනය කිරීම, ගුණාත්මක භාවය, බෙදාහැරීම සහ අළෙවිය සම්බන්ධයෙන් වූ ස්වාධීන නියාමන ආයතනයක අවශ්‍යතාවය අප හඳුනාගෙන තිබෙනවා. වැඩිදුරටත් පැහැදිලි කළහොත් රටට ආනයනය කරන භූමි තෙල්, පෙට්ට්‍රල්, ඩීසල්, ගුවන් යානා ඉන්ධන, LPG, LNG සහ ලිහිසි තෙල් ඇතුළු සියල්ලගේම ගුණාත්මකතාවය, බෙදාහැරීමේ තරඟකාරීත්වය මෙන්ම මිල ගණන් සම්බන්ධයෙන් නියාමනය කිරීම මේ ස්වාධීන ආයතනය ස්ථාපිත කිරීමේ අරමුණයි. එමඟින් පාරිභෝගිකයන්ට විධිමත් සහ සාධාරණ මිලක් යටතේ සැපයුම් ලබාදීමට හැකිවන බව ද සඳහන් කළ යුතුයි. ඒ සඳහා ප්‍රධාන රාමුව සකස් කිරීමට අවශ්‍ය තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
එමෙන්ම ලෝක වෙළඳපල තත්ත්වයන් සහ ඒ තුළ ඉන්ධන මිල ගණන්වල සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව හඳුනාගෙන, ඉදිරි මාස 06ක් සඳහා අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. මේ මස 30 වනදා සහ ලබන මස 13 වනදා තවත් මාස දෙකකට අවශ්‍ය ටෙන්ඩර් ඉදිරිපත් කරනවා. ඒ අනුව 2024 වසරට අවශ්‍ය ඉන්ධනවල වාරික සම්පූර්ණ කිරීම අවසන් වනවා. එමඟින් ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ඉහළ ගිය ද අපගේ වාරිකවල වෙනසක් නොවන බව ද සඳහන් කළ යුතුයි.තව ද ලෝක වෙළඳපොළ සහ එහි ඉන්ධන මිල ආශ්‍රිතව සිදුවන වෙනස්කම් පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා කණ්ඩායම් දෙකක් මේ වන විට ක්‍රියාත්මක වනවා.
ඔවුන් විසින් සිදුකල අධ්‍යනයන් මඟින් මේ වන විට ඩොලර් මිලියන ගණනක් අප රටට ඉතිරි කර ගැනීමට හැකි වී තිබෙනවා.
ඒ, වගේම පසුගිය කාලයක් තිස්සේ ඉන්ධන ආනයනය කිරීමේ දී නැව් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමක් සිදුකළා. දිනපතා මාධ්‍යවල ප්‍රමාද ගාස්තු ගෙවීම් සම්බන්ධයෙන් විවිධ පුවත් පළ වුණා. නමුත් පසුගිය වසර එක හමාරක කාලයක සිට ඒ ආකාරයට නැව් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමක් සිදු කර නැහැ. ඒ අප නියමිත වේලාවට ගෙවීම් කටයුතු සිදුකල නිසයි.
එමෙන්ම අප විසින් මේ වන විට මාසයකට අවශ්‍ය අතිරික්ත ඉන්ධන තොග පවත්වාගෙන යනවා. ඒ වගේම මාසයකට අවශ්‍ය කරන ඉන්ධන මිල දී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිතයක් ද පවත්වාගෙන යනවා. ඒ අනුව මාස දෙකක් සඳහා අවශ්‍ය ඉන්ධන සහ ඩොලර් අප සතුව තිබෙනවා.”














BY THE STUPID MOVE OF SLSP GOVT IN 1970 WE LOST NEW AIR PORT AND KAY HIGHWAY GIVEN BY USA MANY YEARS SAME STUPID SLAF CALLLED PVT OIL COMPANIES BACK INITAILLY FOR LUBRICANTS NOW FOR FUEL,SAME WAY THEN RUINED PLATATIONS COLOMBO PORT AND PVT BUS COMPANIES