ලක්ෂ අසූවක ගංජා සමඟ කතුන් තිදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ අසූවක් වටිනා “මරිජුවානා” මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ව්‍යාපාරිකයන් සදහා වූ ” රක්ත මාවත” (Red Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ , ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙක් ඊයේ (09) දින රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන්, කොළඹ – 13 ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන, පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සහ කොළඹ – 02 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙක් .

ඔවුන් ඊයේ (09) රාත්‍රී 10.50 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

වැඩිදුර විමර්ශන කටයුතු සදහා, මෙම සැකකාරියන් තිදෙනා සහ ඔවුන් රැගෙන ආ ” මරිජුවානා ” තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54