කලපලුවාව ප්රදේශයේ නිවසක් බිඳ ලක්ෂ 268ක් වටිනා මුතු, මැණික්, රන් භාණ්ඩ හා දේපල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (15) වන දින උදෑසන වැලිකඩ පොලිස් වසමේ මණ්ඩාවිල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්රශ්න කිරීම් වලදී ඔවුන් විසින් සොරකම් කරන ලද දේපල වලින් විවිධ ප්රමාණයේ මැණික් ගල් 924ක්, පිත්තල භාණ්ඩ කිහිපයක්, වැකුම් ක්ලීනරයක්,චිදුලි පංකා 02ක්, අත්ඔරලෝසූ 08ක්, රන්මාල 05ක්, අත්පළඳනා 07ක්,රන් කරාබු ජෝඩු 04ක්, රන් පෙන්ඩන් 03ක්, රන් වළලු 04ක්, රන්මුදු 06ක්,ලැප්ටොප් පරිඝණක 01ක්, විදේශ මත්පැන් බෝතල් 10ක් ඇතුළු දේපල සොයාගෙන ඇති අතර සැකකරුවන් හා දේපල වැලිකඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 හා 30 යන වයස්වල පසුවන තලංගම උතුර හා මාලඹේ ප්රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් අද (16) දින අළුත්කඩේ ගරු මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
