ලංකා සතොසට වූ දැවැන්ත පාඩුවක් ගැන හෙළිදරව්වක්

2021 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා වනවිට ලංකා සතොස ආයතනය රුපියල් කෝටි 1500 ක පාඩුවක් ලබා තිබූ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය.

එම ආයතනය 2022 වසරේදී පමණක් ලැබූ පාඩුව රුපියල් කෝටි හැටක් බව කෝප් කමිටුව සඳහන් කළ අතර සතොස ආයතනයට සහල් ගෙන්වීමේදී රුපියල් කෝටි 600 ක පාඩුවක් සිදුවීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේදී දීර්ඝව සාකච්ඡා සිදුවිය.

මනුෂ්‍ය පරිභෝජනයට ගෙන ආ සහල් තොග කල් ඉකුත් වීම හේතුවෙන් සත්ව ආහාරවලට විකිණීම නිසා මෙම පාඩුව සිදුවී තිබූ බවද එහිදී ප්‍රකාශ විය.

තවදුරටත් ඉදිරියේදී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට කෝප් කමිටුව තීරණය කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !