spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංකාවේ ආයෝජනය කරන්න කැමති විදේශිකයන්ට වීසා

විදේශීය ආයෝජකයන් සඳහා දීර්ඝ කාලින නේවාසික වීසා නිකුත් කිරීමේ වැඩපිළිවෙලකට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

මේ අනුව අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 75,000 ක් හෝ ඊට වැඩි මුදලක් ආයෝජනය කරන විදේශිකයන්ට සහ විදේශීය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට – ඔවුන්ගේ කලත්‍රයනට සහ යැපෙන්නන්ට එලෙස ආයෝජනය කරනු ලබන ඩොලර් ප්‍රමාණය මත පදනම්ව අවුරුදු 05 සිට 10 දක්වා දීර්ඝකාලීන නේවාසික වීසා නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගනු ලබන වාණිජ බැංකුවක අවම වශයෙන් ඩොලර් ලක්ෂයක මුදලක් තැන්පත් කරනු ලබන විදේශිකයන්ට වසර 10 ක කාල සීමාවක් දක්වා නේවාසික වීසා නිකුත් කල හැකිවන පරිදි රන් පාරාදීස වීසා වැඩසටහන නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?