රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම පහළට – මුල් මාස 04 තුළ ආනයන වියදමත් ඉහළට

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන අංශයක් වන රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම මෙම වසරේ මුල් මාස 04 තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්.

ඒ අනුව 2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ මුල් මාස 045 තුළ රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,624.7ක් ලෙස සටහන් වී තිබෙනවා.

2025 වසරේ මුල් මාස හතර තුළ එය ඩොලර් මිලියන 1,751.8ක් ලෙස දැක්වුණා.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තුව තුළ රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3% කින් පහළ ගොස් තිබෙනවා.

මේ අතර, 2026 වසරේ මුල් මාස හතරේ දී මෙරට සමස්ත අපනයන ආදායම සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

එය 2025 වසරේ එම කාල සීමාවේ වාර්තා වූ ඩොලර් මිලියන 4,315.6 සිට ඩොලර් මිලියන 4,534.9 දක්වා වැඩිව ඇති බව සංඛ්‍යා දත්තවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත් මුල් මාස හතර තුළ ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, 2025 වසරේ ඩොලර් මිලියන 6,572.9ක් වූ ආනයන වියදම මෙම වසරේ ඩොලර් මිලියන 8,227.9ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16