AFC Banner
Empty Ad
Empty Ad

රෙජිස්ටාර්වරයාගේ රාජාකාරියට බාධා කළ ව්‍යාපාරිකයෙක් රක්ෂිත බන්ධනාගාරයට 

හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් ක්‍රියාත්මක කිරිමට ගිය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට සහ කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කල ව්‍යාපාරිකයෙකු නොර්වුඩ් පොලිසිය මගින් (20) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නොර්වුඩ් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ පදිංචි මුනිදාස කලංසුරිය නැමති (56) හැවිරිදි දෙදරු පියෙකි.

සැකකරු හැටන් නගරයේ මුල්‍ය සමාගමකින් මුදල් ගෙවිමේ පදනම මත වාහනයක් ලබාගත් පුද්ගලයෙකුට ඇපකරුවෙකු වශයෙන් අත්සන් කර ඇති අතර, වාහනය මිල දි ගත් අය එම වාරික මුදල මුල්‍ය සමාගම වෙත ගෙවිම් පැහැර හැරිම නිසා එම මුල්‍ය සමාගම විසින් වාහනය මිල දි ගත් පුද්ගලයාට සහ ඇපකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගෙන තිබුණි.

වාහනට මිල දි ගත් පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් නොවු නිසා එම මුදල ඇපකරුගෙන් අය කර ගැනිමට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබුණි.

එම නියෝගය අනුව ඇපකරුගේ දේපල තහනම් කිරිමට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය සැකකරුගේ නිවසට ගිය අවස්තාවේ සැකකරු විසින් රෙජිස්ටාර්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට (20) දින සිය රාජකාරියට බාධා කල බවට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් නොර්වුඩ් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත නොර්වුඩ් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?