රුසියානු – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයින් යෙදවීම ගැන සොයන්න විශේෂ එකකයක්

ශ්‍රී ලාංකිකයින් රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා යෙදවීම සම්බධයෙන් තොරතුරු ලබාගැනීම වෙනුවෙන් විශේෂ එකකයක් පිහිටුවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඒ, අනුව විවිධ මාර්ග ඔස්සේ රුසියානු – යුක්‍රේන යුද්ධයට පිටව ගොස් ඇති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, ඔවුන් පිටත්ව ගිය දිනයන්, ඒ සඳහා සම්බන්ධීකරණය කළ පුද්ගලයින්, ආයතන සහ දුරකථන අංක ඇතුළු සියලු තොරතුරු 0112 441146 යන දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙසයි ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

එමෙන්ම මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් එම තොරතුරු ද ඉහත දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා මහජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?