AFC Banner
AFC Banner
Empty Ad

රුපියල් මිලියන 75 ඉක්ම වූ කේරළ ගංජා තොගයක් සොයා ගැනේ

රුපියල් මිලියන 75කට අධික දල විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය ගුරුනගර් හිදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අද (04) අලුයම මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදියි.

එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 188යි ග්‍රෑම් 350ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය විසින් මෙම මෙහෙයුම සිදු කරන ලද අතර ඩිංගි යාත්‍රාවක අසුරා තිබූ කේරළ ගංජා තොගය සිදු කළ පරීක්ෂාවේදී සොයා ගත්තා.

ඉදිරි නීතිමය හා විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත කේරළ ගංජා හා ඩිංගි යාත්‍රාව භාරදීමට කටයුතු කෙරුණු බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?