සැමියාගේ වකුගඩුවක් විකුණා ලැබූ ලක්ෂ 10ත් අරන් බිරිඳ පෙම්වතා එක්ක පැන ගිහින්

කාන්තාවක් තම සැමියාට ඔහුගේ වකුගඩුවක් විකිණීමට බලකර; එය විකුණා ලැබූ මුදල් ද රැගෙන පෙම්වතා සමඟ පලාගිය පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ හවුරා ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කාන්තාවක් දියණියගේ අධ්‍යාපනයට සහ විවාහය සඳහා මුදල් ඉතිරි කිරීමේ මුවාවෙන් තම සැමියාට ඔහුගේ එක් වකුගඩුවක් විකුණා මුදල් ලබාඅ ගන්නා ලෙස බලකර තිබෙනවා.

බිරිඳගේ බල කිරීම මත එම පුද්ගලයා තමාගේ එක් වකුගඩුවක් විකුණා ඉන්දීය රුපියල් ලක්ෂ 10ක් ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, වනවිටත් බිරිඳ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ හදුනාගත් පුද්ගලයෙක් සමඟ සබඳතාවක් පවතවාගෙන ගොස් ඇති අතර, කාන්තාවගේ සැමියා තම වකුගඩුව විකිණීමෙන් උපයා ගත් රුපියල් ලක්ෂ 10 සමඟ මොවුන් දෙදෙනා පලා ගොස් ඇති බවයි පසුව අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මුදල් ද රැගෙන පලාගිය බිරිඳ සහ ඇයගේ පෙම්වතා සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සැමියා කටයුතු කර තිබෙනවා.

පසුව පොලිසිය විසින් පෙම්වතුන් දෙදෙනා සොයා ගෙන ඇති අතර, එලෙස සොයාගත් කාන්තාව අයගේ සැමියාට භාරදීමට පොලිසිය කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඇයව භාර ගැනීම සැමියා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.

1994 සිට ඉන්දියාවේ මිනිස් අවයව විකිණීම නීති විරෝධීවන අතර; පරිත්‍යාගශීලීන්ගේ හිඟයක් හේතුවෙන් අවයව මුදලට මිල දී ගැනීමට ඇතැම් රෝගීන් පෙළඹී සිටින බවයි වෛද්‍යවරු පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11