රුපියල් මිලියන 43ක මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටු

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ලද මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත්ව තිබෙනවා

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 43කට ආසන්න බව තහවුරු වී තිබෙනවා

මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරීවලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැකපිට පාර්සල් 25 ක කළ පරීක්ෂාවේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර එම පාර්සල් ජර්මනිය සහ එංගලන්තය යන රටවල්වල සිට කොළඹ, මහරගම, බත්තරමුල්ල, බොරලැස්ගමුව, පානදුර මොරටුව හා මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ගේ ලිපිනයන් වෙත එවා තිබේ..

මෙම ලිපිනයන් ව්‍යාජ ඒවා බවට වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇති අතර එහිදී Methamphetamine අඩංගු Ecstasy නමැති මත්පෙති 2193ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1740ක් සහ Amphetamine ග්‍රෑම් 29ක් එහිදී සොයාගෙන ඇත.

වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29