spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය නිලධාරීන්ට සහ පොලීසියට මාර්ගෝපදේශ මාලාවක්

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා.

මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මහජන පැමිණිලි 11,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙන බවත් එම කටයුතු කරගෙන යාමේ දී කාර්යමණ්ඩල හිඟය ගැටලුවක් වී ඇති බවටත් ඔවුන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබුවා.

ඒ, සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ට සහ පොලීසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා එමඟින් කොමිෂන් සභාව වෙත ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අවම කර ගැනීමට ඇති හැකියාව ද පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?