spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රබාඩා IPL තරගාවලියෙන් ඉවත්වෙයි

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.

පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස තරගාවලියෙන් ඉවත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ දී රබාඩා පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළා.

මේ වනවිටත් ඔහුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් වෛද්‍ය කණ්ඩායම විසින් සමීපව නිරීක්ෂණය කරනු ලබන අතර, එළඹෙන 20-20 ලෝක කුසලනය සඳහා රබාඩාගේ සේවාව ලබාගත හැකි බවට විශ්වාසයක් තැබිය හැකි බවයි ඔවුන් පවසන්නේ.

මෙවර තරගාවලියේ දී රබාඩා පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් තරග 11කට ක්‍රීඩා කළ අතර 8.85ක සාමාන්‍යක් සමඟ කඩුලු 11ක් දවාගෙන තිබුණා.

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ 15 දෙනෙකුගෙන් යුත් දකුණු අප්‍රිකානු සංචිතයේ සිටින එකම කළු ජාතික ක්‍රීඩකයා කාගිසෝ රබාඩා වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?