රබාඩා IPL තරගාවලියෙන් ඉවත්වෙයි

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.

පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස තරගාවලියෙන් ඉවත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ දී රබාඩා පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළා.

මේ වනවිටත් ඔහුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් වෛද්‍ය කණ්ඩායම විසින් සමීපව නිරීක්ෂණය කරනු ලබන අතර, එළඹෙන 20-20 ලෝක කුසලනය සඳහා රබාඩාගේ සේවාව ලබාගත හැකි බවට විශ්වාසයක් තැබිය හැකි බවයි ඔවුන් පවසන්නේ.

මෙවර තරගාවලියේ දී රබාඩා පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් තරග 11කට ක්‍රීඩා කළ අතර 8.85ක සාමාන්‍යක් සමඟ කඩුලු 11ක් දවාගෙන තිබුණා.

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ 15 දෙනෙකුගෙන් යුත් දකුණු අප්‍රිකානු සංචිතයේ සිටින එකම කළු ජාතික ක්‍රීඩකයා කාගිසෝ රබාඩා වීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14