ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ දී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලකුණු 114 කින් පහසුවෙන් පරාජය පත් කරමින් අවසන් තරගයට පිවිසීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තා.
නමුත් බංගලාදේශයට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 81ක් පමණයි.
ඒ අනුව, ජපානයේ නිෂින්හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් අවසන් තරගය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අනිද්දා (22) දිනයේ දී තරග වැදීමට නියමිතයි.













