Fly high Get bonus Aviator Phone

රට රස්සාවට යන කාන්තාවට නව රක්ෂණයක්

ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමු වන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සේවා යෝජකයා විසින් මෙම රක්ෂණාවරණය අනිවාර්යෙන්ම ලබාගෙන තිබිය යුතුයි.

විදේශ රැකියාව සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතු වනවා.

ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන් මෙම රක්ෂණාවරණය ලබාගැනීම අනිවාර්ය බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

ඒ සඳහා ජෝර්දාන් රජය විසින් අනුමත කර ඇති රක්ෂණ යෝජනා තුන අතුරින් ඔවුන්ට සුදුසු රක්ෂණාවරණයක් තෝරාගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

රැකියා ගිවිසුම් කාලසීමාව අතරතුරදී අදාළ ශ්‍රමිකයා මිය ගියහොත් හෝ හදිසි අනතුරු හේතුවෙන් සදාකාලික පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් මෙමඟින් රක්ෂණ වන්දි වශයෙන් පිරිනමනු ලබනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම, ශල්‍යකර්ම, කොවිඩ් වැනි වසංගත රෝග සඳහා ද රක්ෂණ වන්දි හිමිවෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?