රට රස්සාවට යන කාන්තාවට නව රක්ෂණයක්

ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමු වන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සේවා යෝජකයා විසින් මෙම රක්ෂණාවරණය අනිවාර්යෙන්ම ලබාගෙන තිබිය යුතුයි.

විදේශ රැකියාව සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතු වනවා.

ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන් මෙම රක්ෂණාවරණය ලබාගැනීම අනිවාර්ය බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

ඒ සඳහා ජෝර්දාන් රජය විසින් අනුමත කර ඇති රක්ෂණ යෝජනා තුන අතුරින් ඔවුන්ට සුදුසු රක්ෂණාවරණයක් තෝරාගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

රැකියා ගිවිසුම් කාලසීමාව අතරතුරදී අදාළ ශ්‍රමිකයා මිය ගියහොත් හෝ හදිසි අනතුරු හේතුවෙන් සදාකාලික පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් මෙමඟින් රක්ෂණ වන්දි වශයෙන් පිරිනමනු ලබනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම, ශල්‍යකර්ම, කොවිඩ් වැනි වසංගත රෝග සඳහා ද රක්ෂණ වන්දි හිමිවෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14