රට කෑවා දැන් ඇති – කාදිනල් හිමි

රටට විශාල වෙනසක් සමග නව ආරම්භයක් අවශ්‍ය බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

මීගමුව නගර මධ්‍යයේ අද (09) පැවති උද්ඝෝෂණයකට එක්වෙමින් කාදිනල් හිමියන් මේ බව සඳහන් කළේය.

“දැන් අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් දෙගොල්ලෝම එකතුවෙලා නාටකයක් රඟපානවා වගේ අපිට පෙනවා. ඒ නාට්‍ය රඟපාලා අපිව මෝඩයන් හැටියට සලකලා.. අපිට ඒ තත්ත්වයෙන් මේ කරන ක්‍රමවේදය පිළිගන්නැයි කියන එක වැරදියි.”

“අපි එහෙම භාරගන්න කැමති නෑ. අද අපිට අවශ්‍යයි රටට ලොකු වෙනසක්. නව ආරම්භයක්. දැන් අපේ විදේශ ඇමතිතුමා අපේ මුදල් ඇමතිතුමා යන්න ඕනේ IMF එකට ණය ඉල්ලන්න.”

“රටවල්වලට ගිහිල්ලා අතදිගු කරන්න ඕනේ.. හිඟා කන්න. ඊයේ මං පත්තරේ දැක්කා ඉන්දියාවේ හිඟන්නෙක්.. එයා එකතු කරපු සල්ලි වගයක් ලංකාවට දෙනවා කියලා. ඒ කියන්නේ අපි හිඟන්නන්ගේ තත්ත්වයටත් එහා යන තත්ත්වයකට වැටුණයි කියන එකයි.”

“මේ තත්ත්වය දිගටම කරගෙන යන්න දෙන්න බෑ. අපි ඉල්ලා සිටිනවා මේ රටේ සෑම පුරවැසියෙක්ගෙන්ම මේ ක්‍රමය වෙනස් කරන්න එකතු වෙන්න.. ඔක්කොමත් එක්කම. එකතුවෙලා මේ අයට කියන්න කරුණාකරලා.. යන්න දැන් ඇති රට කෑවා.. යන්න කියලා.”

“ගිහිල්ලා.. මේක කරන්න පුලුවන් කෙනෙක්ට රට භාර දෙන්න. තවදුරටත් මේ අරගලය ලංකාව පුරාම කරගෙන ගිහිල්ලා සියලුමදෙනා පාරට බැහැලා.. මේ දූෂිත ක්‍රමවේදය ඉවත් කරන්නට කටයුතු කරන්න ධෛර්යවන්තව.”

මේ අතර පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම හා රටේ පවතින වත්මන් ගැටුළුකාරී තත්ත්වයට විරෝධය දක්වා කතෝලික ජනතාව හා සිවිල් ක්‍රියාකාරීන් විසින් අද පෙරවරුවේ යුක්තියේ පාගමන නමින් සාමකාමී පාගමනක් ආරම්භ කර තිබුණි.

ඒ කටුවාපිටිය ප්‍රාණ පරිත්‍යාගීන්ගේ දේහයන් භූමදාන කර ඇති සුසාන භූමියේ පැවති යැදුමකින් අනතුරුවය.

අනතුරුව පිරිස කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා පැමිණ එහිදී ආශිර්වාද ලබාගෙන තිබුණි.

ඉන්පසුව පිරිස කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පාගමන ආරම්භ කළේය.

එමෙන්ම කතෝලික සභාවන් මගින් සංවිධාන කළ සාමකාමී පාගමන් දිවයිනේ ප්‍රදේශ රැසක පැවැත්වුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57