රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත සංශෝධන සහිතව සම්මත කිරීමට නිර්දේශ
රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර තිබෙන බවට කථානායකවරයා නිවේදනය කර තිබෙනවා.
අද පැවැත්වෙන ජනාධිපතිවරයාගේ අය වැය කථාව ඉදිරිපත්කිරීමට පෙරාතුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවේ මේ බව නිවේදනය කළා.
රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගැනීමට හැකියාව තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවට ඔහු පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
කාරක සභා අවස්ථාවේදී සංශෝධන හතරකට යටත්ව මෙම පනත් කෙටුම්පත සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර තිබෙන බව සඳහන් වෙනවා.
දීර්ඝ කරන ලද පොලිස් රඳවා තබාගැනීම් පිළිබඳ වගප්රස්තීවලට අදාළ වෙනස්කම් සහ අධීක්ෂණ බලතල සඳහා අභියාචනාධිකරණය වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය ආදේශ කිරීම ඇතුළු සංශෝධන ඒ අතර වන බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.