රජයේ වාහන ගැන පොලිසියෙන් මහජනතාවට ඉල්ලීමක් – ප්‍රවාහන අමාත්‍යාංශයේ වාහන 25කුත් අතුරුදන්

රජයේ වාහන ලබාදීම පිළිබඳ ව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ රජය විසින් විවිධ කාර්‍යයන් සඳහා නිකුත් කරන ලද වාහන යම් ස්ථානයක වංචාසහගත ලෙස හෝ නීතිවිරෝධීව සඟවා තිබෙන බවට හෝ යම්කිසි ආකාරයකට කොටස් කර සඟවා තබා තිබෙන බවට හෝ එසේම යම් යම් ස්ථානවල නවතා තබා අබලන් වීමට ද ඉඩහැර තිබෙන බවට හෝ යම් තොරතුරක් දන්නා අයෙකු සිටී නම් එම තොරතුරු ශ්‍රී ලංකා පොලීසියේ 1997 විශේෂ දූරකථන අංකයට ලබාදෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ක්ෂණික දූරකථන ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ද පොලිසිය නිවේදනය කරනවා.

තොරතුරු ලබා දෙන්නන්ගේ අනන්‍යතාව සම්පූර්ණයෙන් ම ආරක්ෂා කරන බවයි පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

නමුත් සත්‍ය තොරතුරු ලබාදිය යුතු බවත් අසත්‍ය තොරතුරු දෙන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිස් නිවේදනයේ සඳහන්.

මේ අතර මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ‘කොමප්ට්‍රොලර්’ කාර්‍යාලයේ නවතම වාර්තාවක් අනුව 2024 මැයි මස 20 වැනිදා වනවිට රජයට අයත් වාහන සමස්ත ප්‍රමාණය 90,077ක් බවට වාර්තා වනවා.

අමාත්‍යාංශයීය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ; ඉහත වාහන සංඛ්‍යාවෙන් ධාවනය කළැ හැකි තත්ත්වයේ පවතින්නේ වාහන 85,895ක් බවයි.

ධාවනය කළ නොහැකි වාහන ගණන 4182ක්.

මෙම සමස්ත වාහන සංඛ්‍යාවෙන් වාහන 37,181ක් අවුරුදු 15කට වඩා පැරණි වාහන බව ද එම වාර්තාවේ සඳහන් වන බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

සෙසු වාහන 52,896න් 11,383ක් වසර 05කටත් අඩු නවීන වාහන බවට හෙළි ව තිබෙනවා.

එමෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශයේ වාහන 25ක් අතුරුදන් බවත් එකී වාර්තාව මගින් පෙන්වා දී ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01