රජයේ අවසරයකින් තොරව රජයේ දේපල එහා මෙහා වීමේ තවත් තැනක්

විදුලි බල මණ්ඩලයට අයත් නුවරඑළිය – ගිනිගත්හේන පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය ඉදිකිරීම සදහා ගෙනවිත් තිබූ වාහන සහ යන්ත්‍ර සූත්‍ර රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු යැයි කියා ගත් පුද්ගලයෙකු විසින් එම ස්ථානයෙන් රැගෙන යමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සදහන් කරයි.

එම සංවිධානයේ රංජිත් විතානගේ මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙසේද සදහන් කර සිටී.

පොල්පිටියේ පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලයට අයත් එකකි.මෙම ව්‍යපෘතියේ ඉදිකිරීම් කටයුතු බාරව සිටිනුයේ පුද්ගලික ආයතනයක් විසිනි.එම ව්‍යාපෘතිය කරගෙන යාම සදහා අවශ්‍ය වාහන සහ යන්ත්‍ර සූත්‍ර පිටරටවල් වලින් මෙරටට ගෙන්වීමේදී රජය විසින් බදු සහන ලබා දී ඇත.ඒ ආකාරයට රජය විසින් කිසියම් බදු සහනයක් ලබා දී මෙරටට ගෙන්වනු ලබන යන්ත්‍ර සූත්‍ර සහ උපරඛන වල අයිතිය රජය සතු වේ.ඒ අනුව රජය විසින් බදු සහන ලබා දී මෙරටට ගෙන්වන ලද කිසිදු දෙයක් රජයේ අවසරයකින් තොරව බැහැර කිරීමට කිසිවෙකුට අවසරයක් නැත.

පසුගිය සැප්තැම්බර් මස 20 වෙනිදා ගිනිගත්හේන පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතිය ඉදිකරමින් පවතින ස්ථානයට ගොස් ඇති රාජ්‍ය ඇමතිවරයාගේ ලේකම්වරයෙකු යැයි කියන පුද්ගලයා එම ස්ථානයේ තිබූ යන්ත්‍ර සූත්‍ර සහ වාහන ඉවත් කිරීම ආරම්භ කර ඇත.මේ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් පොල්පිටිය පොලීසියට පැමිණිල්ලක්ද ගොණු කර ඇත.එසේ තිබියදීද අදාල පුද්ගලයා තවමත් බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සදහා ගෙනවිත් තිබූ වාහන සහ යන්ත්‍ර සුත්‍ර කිසිදු බාධවකින් තොරව ඉවත් කරමින් සිටින බවක්ද දැන ගන්නට ඇත.මේ අකාරයට යන්ත්‍ර සුත්‍ර ඉවත් කරන පුද්ගලයා මීට පෙර රැකියා ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර ඇති පුද්ගලයෙකු බවද දැන ගන්නට ඇත.

ශ්‍රී ලංකාව බංකොලෙත් වීමට හේතුව රජය විසින් මේ වන විට සොයමින් සිටී.එවන් වාතාවරණයක් තුළ රාජ්‍ය ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙකු යැයි කියන පුද්ගලයෙක් මේ ආකාරයට රාජ්‍ය දේපල මහ දවල් කොල්ලකෑමත්, වගකිව යුතු කිසිවෙකු ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීමත් හාස්‍යයට කරුණක් වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?