රජයට මිලියන 50ක් පාඩු කළ කොමසාරිස්වරයෙකුගේ ඇප ඉල්ලීම ඉවතට

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙනස්කර කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගි මෝටර් රථයකට ව්‍යාජ ලියාපදිංචි සහතිකයක් ලබා දී රජයට රුපියල් මිලියන 50ක් අහිමි කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා හම්බන්තොට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයකු ගොනු කර තිබූ අපේක්‍ෂිත ඇප අයැදුමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (22) ප්‍රතික්ෂේප කළා.

හම්බන්තොට ප්‍රදේශයේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු වන සජිත් වසන්ත වෙල්ගම නමැති අයෙකු අජිත් පතිරණ ඇතුළු නීතිඥ කණ්ඩායමක් මගින් අධිකරණය හමුවේ ගොනු කළ අපේක්‍ෂිත ඇප අයැදුමක් එසේ ප්‍රතික්ෂේප කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ එම හිටපු කොමසාරිස්වරයා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ තිබූ ලොරි රථ අංකයක් කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ සුඛෝපභෝගී මෝටර් රථයක් වෙනුවෙන් ව්‍යාජ ලියාපදිංචි සහතිකයක් ලබා දී ඇති බවයි.

2013 වර්ෂයේ ඔක්තෝබර් මස 23 දින හෝ ඊට ආසන්න දිනක දී මෙම ව්‍යාජ ලියාපදිංචි සහතිකය නිකුත් කර ඔහු අනීතික ක්‍රියාවක් කර ඇති බවට කරුණු අනාවරණය වන බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

හිටපු කොමසාරිස්වරයා කළ එම අනීතික ක්‍රියාව නිසා රජයට මිලියන 50ක පමණ අලාභයක් සිදුව ඇති බවට කරුණු අනාවරණය වන බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවුණා.

තම දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලට අනුව මෙම පෙත්සම්කාර පුද්ගලයා මීට පෙර ද මේ ආකාරයෙන් එම දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙනස් කර මෝටර් රථ සඳහා ව්‍යාජ ලියාපදිංචි සහතික නිකුත් කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවා.

මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ වාහනයක මුල් පොත, ආදායම් බලපත්‍රය, හැඳුනුම්පත, ආදි ඊට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෝටර් රථ දත්ත පද්ධතියේ ක්‍රියාකරුට පමණක් එහි වෙනස්කම් කිරීමට හැකියාව ඇති නමුත් වෙනත් අයෙකුට එවැනි වෙනස්කමක් කළ නොහැකි බවයි.

එවැනි අවස්ථාවක එසේ තොරතුරු ඇතුළත් කළ දත්ත පද්ධති ක්‍රියාකරු කවුද යන්න පිළිබඳව හඳුනාගත හැකි නමුත් පෙත්සම්කාර පුද්ගලයා එවැනි ක්‍රියාවක් සිදුකර ඇති බවට දත්ත පද්ධතියේ සඳහන් නොවන බැවින් තම සේවාදායකයාට අපේක්ෂිත ඇපයක් ලබාදීමට හැකියාව තිබෙන බව ද නීතිඥවරයා අධිකරණයට දැනුම්දුන්නා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහුු හා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම අපේක්ෂිත ඇප අයදුම්පත එසේ ප්‍රතික්ෂේප කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48