Rajapura Handi Oil
Rajapura Diabetic Powder

යොවුන් ඔලිම්පික් උළෙලේ දස්කම් දැක්වූ ළහිරු අචින්ත මව්බිමට

සෙනගාලයේ ඩකාර් නුවර පැවති 2026 යොවුන් ඔලිම්පික් තරගාවලියේ මීටර් 1,500 ඉසව්වේ රිදී පදක්කම දිනාගත්
ළහිරු අචින්ත අද (14) උදෑසන මව්බිමට පැමිණියා.

ළහිරු අචිත්ත අද (14) අලුයම 05.45ට තුර්කියේ ඉස්තාම්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන්
මව්බිමට පැමිණි බවයි දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

ඔහුව පිළිගැනීම සඳහා ළහිරුගේ මව, පවුලේ සාමාජිකයන්, රත්නපුර කුමර විද්‍යාලයයේ විදුහල්පති, ගුරු භවතුන්, ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයන් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

යොවුන් ඔලිම්පික් තරගාවලිය ලෝකයේ රටවල් 205ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,655කගේ සහභාගීත්වයෙන්, ක්‍රීඩා ඉසව් 25ක් යටතේ ඉකුත් ඔක්තෝම්බර් මස 31 වනදා සිට නොවැම්බර් 13 වනදා දක්වා පැවැත් වුණා.