2027 වසර වන විට යුරෝපීය ගුවන් ගාස්තු 20%කින් ඉහළ යා හැකි බවට Ryanair ප්‍රධාන විධායක නිලධාරී Michael O’Leary අනතුරු අඟවා තිබෙනවා.
Ryanair ගුවන් සේවයට දැරීමට සිදුවන ඉන්ධන වියදම යුරෝ බිලියන 2කින් (පවුම් බිලියන 1.7කින්) ඉහළ ගොස් ඇති බවට පෙන්වා දෙමින් ඔහු මෙම අනතුරු ඇඟවීම් සිදුකර තිබෙනවා.
ඒ අතරම එම ගුවන් සේවය මෙතෙක් කල් ගුවන්මගීන් තම ගමන් මළු භාරදීම (bag drop) සම්බන්ධයෙන් පැවැති නීතිරීතිද සංශෝධනය කර ඇති බවට නිවේදනය කරනවා.
ඒ අනුව Ryanair ගුවන් සේවයේ ගමන් මලු භාර දීමේ අවසාන වේලාව ගුවන් ගමනට මිනිත්තු 60කට පෙර ලෙස වෙනස් කර තිබෙනවා.
නොවැම්බර් 10 වැනි අඟහරුවාදා සිට, ගුවන් යානය පිටත්වීමට නියමිත වේලාවට මිනිත්තු 60කට පෙර Ryanair ගුවන් සේවයේ ගමන් මලු භාර ගැනීමේ කවුළු වසා දමනු ලබනවා.
මීට පෙර මෙම අවසාන වේලාව ගුවන් ගමනට මිනිත්තු 40කට පෙර ලෙස පැවති අතර, ඒ අනුව ගුවන් යානයට භාර දෙන ගමන් මලු (checked luggage) ඇති මගීන්ට, පෙරට වඩා මිනිත්තු 20ක් කලින් තම ගමන් මලු භාර දීමට සිදුවනවා.
ඒ අතරම 2027 වසර වන විට යුරෝපීය ගුවන් ගාස්තු 20%කින් ඉහළ යා හැකි බව ප්‍රධාන විධායක නිලධාරී Michael O’Leary පවසනවා. මෙය යුරෝපය පුරා ගුවන් ගාස්තු ඉතිහාසයේ සිදුවන “විශාලතම ඉහළ යාම” විය හැකි බව ද ඔහු සඳහන් කරනවා.
ඉන්ධන සඳහා දැරීමට සිදුවන ඉහළ යන වියදම් පියවා ගැනීමට ගුවන් ගාස්තු ඉහළ දැමීම පමණක් ප්‍රමාණවත් නොවන බැවින්, තම මෙහෙයුම් පිරිවැය පිළිබඳව නැවත සමාලෝචනය කිරීමට සැලසුම් කර ඇති බව අයර්ලන්තය පදනම් කරගත් මෙම ගුවන් සේවය පවසනවා.
ඉන්ධන මිල ඉහළ යාම, ලබා ගත හැකි ආසන සංඛ්‍යාව අඩුවීම සහ ගෝලීය වශයෙන් පවතින ආතතීන් හේතුවෙන්, ගුවන් සමාගම්වලට එම අමතර පිරිවැය මගීන් මත පැටවීමට සිදුවනු ඇති බව O’Leary අනතුරු අඟවනවා.
අඩු ගමන් ගාස්තු ගුවන්සේවාවක් ලබාදෙන බවට පොරොන්දුවෙමින් ගුවන්ගමන් කේෂ්ත්‍රයට පිවිසි ඔවුන් දැන් මගීන් හට විවිධ නීති පනවමින්, මගීන් අපහසුතාවයට පත්කරන අයුරින් කටයුතු කරන්නට පෙළඹී සිටිනවා.
