යාපනේ පුද්ගලයෙකුට කඩු වලින් කොටයි

යාපනය වැල්වැටිතුරෙයි නාවලඩි ඌරිකඩ් ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් සිදු කළ පහර දීමක් හේතුවෙන් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව වැල්වැටිතුරෙයි පොලීසිය සදහන් කරයි

මෙම ප්‍රහාරය ඉකුත් 19 දා අළුයම් කාලයේ සිදුව ඇති අතර කඩුවක් හා පොරවක් සහිතව පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් මෙම ප්‍රහාරය එල්ල කොට තිබේ එහිදී ප්‍රහාරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 65 ක පමණ පුද්ගලයෙකු වන අතර ඔහු ප්‍රතිකාර සදහා ඌරණි රෝහලට ඇතුළත් කොට තිබේ

ඒ අනුව අදලා ප්‍රහාරයට පැමිණි පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දීමට කටයුතු කොට තිබේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යාපනය වැල්වැටිතුරෙයි පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදුරණු ලබයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !